Wednesday, January 19, 2011

ජාතික හැඳුනුම්පත් තොරතුරු SMS මඟින්

ජාතික හැදුනුම්පතක් සදහා අයදුම් කිරීමෙන් අනතුරුව එය ලැබෙන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ජංගම දුරකථනයට කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගැණේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පතක් සදහා අයදුම් කළ පසු තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම්  RPD හිස්තැනක් STS  හිස්තැනක් ඉල්ලුම්පත් අංකය යොදා 1919 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් මෙසේ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.
අන්තර්ජාලය ඔස්සේද මෙසේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඉදිරියේදී ජනතාවට  ලබා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා මාසයකට  හැටපන්දහසත් ලක්‍ෂයත් අතර අයදුම්පත් ගණනක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමුවේ.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍(lankacnews)

No comments:

Post a Comment